සෝනි EXTRA BASS™ ස්පීකර් සහ හෙඩ්ෆෝන් එකතුවට තවත් මාදිලි තුනක් එක්කිරීමට සෝනි සමාගම කටයුතු කර ඇත. මෙම මාදිලි නම් කර ඇත්තේ MDR-XB80BS, MDR-XB50BS සහ MDR-XB70BT වශයෙනි. Electronic Dance Music (EDM) සංගීතයේ උපරිම රසාස්වාදය විඳගැනීම සඳහා මෙම නව මාදිලි එකතුව සංගීත ලෝලීන්ට අවස්ථාව සලසා දෙනු ඇත.
පසුගිය වසර 10 ක කාලය තිස්සේ අඛණ්ඩව ජනප‍්‍රිය වූ එකම සංගීත ශෛලිය වන්නේ Electronic Dance Music ශෛලියයි. අද දවසේ පොප් සංගීත සම්ප‍්‍රදාය පවා මෙම ශෛලියේ විවිධ සම්ප‍්‍රදායන්ගෙන් ආභාෂය ලබා ඇත.
EXTRA BASS ස්පීකර් (SRS-XB2, SRS-XB3, GTK-XB7) මාදිලි සහ හෙඩ්ෆෝන් (MDR-XB65BT, MDR-XB950BT, MDR-XB450AP, MDR-XB50AP, MDR-XB70AP) මාදිලි අතරට පහත සඳහන් මාදිලි අලුතින් එක් වේ.
ව්‍යායාම්වල යෙදෙන අතරවාරයේ සංගීතය රස විඳීමට කැමති අය වෙනුවෙන්ම සකසා ඇත. මෙය EDM සංගීතයේ තාල රටාවන්ට (විනාඩියකට බීට් 120 – 140) ගැළපෙන ලෙස විශේෂයෙන් සැලසුම් කර තිබේ. ඒ නිසා ව්‍යායාම කිරීමේදී හෝ ක‍්‍රීඩා කිරීමේදී උද්යෝගයද වැඩි කරයි.
MDR-XB80BS සකසා ඇත්තේ කේබල් සැකසුම වෙනස් කිරීමේ ක‍්‍රමවේදයක් සහිතව නිසා එය හොඳින් කනේ රැඳෙන අතර MDR-XB50BS මාදිලිය විශේෂ ආධාරක යොදා නිෂ්පාදනය කර ඇත. මේ නිසා චලනය වීමේදී ඒවා කනින් ගැලවී යාමක් සිදුවීමේ ඉඩකඩ අවම ය.